අපිට Current කපයිද?

අපිට Current කපයිද? කියන ප්‍රශ්නයට ඔව්ද? නැද්ද? කියන උත්තරය අපි විද්‍යාත්මකව හොයන්න බලමු.

BRIGHTLANKA SOLAR TEAM

4/9/20261 min read

අපිට Current කපයිද?කියන ප්‍රශ්නයට ඔව්ද? නැද්ද? කියන උත්තරය අපි විද්‍යාත්මකව හොයන්න බලමු.

මේ සඳහා ශ්‍රී ලාංකික අපිට විදුලිය උත්පාදනය කරන විදිය දැනගෙන ඉන්න වෙනවා.ගෝලීය විදුලි උත්පාදනය, පුනර්ජනනීය ශක්ති ප්‍රභව වලින් විදුලි නිශ්පාදනය,තාපය( පොසිල ඉන්ධන දහනයෙන්) මගින් විදුලි නිශ්පාදනය සහ න්‍යෂ්ටික විදුලි නිශ්පාදනය කියන ක්‍රම 3කින් සිදුවෙනවා.මෙහිදී අප රටේ විදුලි උත්පාදනට න්‍යෂ්ටික විදුලිය භාවිතා නොකරන අතර අනෙක් ක්‍රම දෙකෙන් ජාතික විදුලි අවශ්‍යතාවය ජනනය කිරම සිදුවනවා.එයින්;

1.ජලවිදුලිය(Hydropower)

ජලය මගින් ටර්බයින් කරකවා විදුලි ජනනය කිරීම ජලවිදුලි උත්පාදනය ලෙස හඳුන්වනවා.මෙහිදී විභව ශක්තිය චාලක ශක්තිය ලෙසත් චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය ලෙසත් ශක්තිය පරිවර්තනය වීම සිදුවෙනවා.මහාවැලි,ලක්ශපාන සහා සමනල මහා පරිමාණ ජල විදුලි උත්පාදන ව්‍යාපෘති ලෙස හඳුන්වා දිය හැකිය.මෙවැනි මහා පරිමාණ ජල විදුලි බලාගාරත් කුඩා විදුලි බලාගාරත් එක්ව ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 30-45% සපුරාලීම සිදුකරනවා.නමුත් වියලි කාලයන් වලදී මෙම ජලවිදුලි උත්පාදනය 15-25% ක අගයන් දක්වා පහල බසිනවා.

අනෙකුත් පුනර්ජනනීය ප්‍රභව ලෙස සූර්ය විදුලි උත්පාදනය ,සුලං විදුලි උත්පාදනය සහා ජීවවායු විදුලි උත්පාදනය හැඳින්විය හැක.මෙම ප්‍රභව මගින් දැනට ජාතික විදුලි උත්පාදනයට සූර්ය විදුලි උත්පාදනය මගින් 10-15% ද සුලං විදුලි උත්පාදනය මගින් 4-8% ද ජීව වායු විදුලි උත්පාදනය 4-8% ද එකතු කිරීම සිදුවෙනවා.මෙම පුනර්ජනනීය ශක්ති ප්‍රභව මගින් ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 50-72% උත්පාදනය කරන අතර වියලි කාල වලදී එය 30-45% අතර අගයන් දක්වා පහල බසිනවා.නිදසුනක් ලෙස 2026.4.7 දින ජාතික විදුලි උත්පාදනයට,පුනර්ජනනීය විදුලි උත්පාදනය 41.62% දායක වී තිබෙනවා. දිනක ජාතික විදුලි උත්පාදනය මෙම link මගින් දැනගත හැක. https://cebcare.ceb.lk/gensum/details

2.තාප විදුලිය(Thermal Power)

මෙහිදී පොසිල ඉන්ධන දහනය මගින් ජලය රත්කර ජල වාශ්ප මගින් ටර්බයින කරකවා විදුලි ජනනය කිරීම තාප විදුලි ජනනය ලෙස හැඳින්විය හැක.මෙහිදී පොසිල ඉන්ධන ලෙස ගල් අඟුරු සහා තෙල් හා ඩීසල් භාවිතා කිරීම සිදුවෙනවා.

ගල් අගුරු භාවිතා කර නොරොච්චෝලයේ ලක්විජය බලාගාරය මගින් තාප විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම සිදුවෙනවා.සාමන්‍යයෙන් 25-35% අතර අගයක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම සිදුවෙනවා.මෙම අගය වියලි කාලවලදී 35-45% අගයක් දක්වා වැඩිවන අතර වැසි කාලවලදී,ජල විදුලි උත්පාදනය වැඩි වීම නිසා,20-30% පහල අගයක් දක්වා අඩු වෙනවා.අද වන විට ගල් අඟුරු තත්වයෙන් බාල බැවින් විදුලි ජනනය කිරීම සාමාන්‍ය ගණනට වඩා අඩුවී ඇති බව මෑතකදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති බව විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙසේය.

https://www.ft.lk/top-story/Audit-flags-coal-procurement-breakdown-systemic-failures/26-790635

තෙල් හා ඩීසල් භාවිතා කොට විදුලි ජනනය සිදු කරන තාප විදුලි බලාගාර ලෙස සපුගස්කන්ද සහ කැළණිතිස්ස තාප බලාගාර හඳුන්වා දෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් වියලි කාල වලදී ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 10-25% පමණ ප්‍රමාණයක් සපුරාලීම සිදුකරනවා.මෙම තාපවිදුලි බලාගාර, වලින් විදුලි ජනනය කිරීම ක්ෂණයෙන් ක්‍රියාත්මක කළ හැකි නිසා විදුලිය ලබා ගැනීම රාත්‍රියේ කාර්ය බහුලම වෙලාවන් වලදී වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා යොදාගැනීම සිදුවෙනවා.සම්පූර්ණ තාප විදුලි උත්පාදනය වියලි කාලවලදී ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 30-50% අතර සපුරාලීම සිදුකරනවා.උදාහරණයක් ලෙස 2026.4.7 දින පොසිල ඉන්ධන තාප විදුලි ජනනය 58.4% දක්වා ඉහල අගයක් ජාතික විදුලි පද්ධතියට එකතු කොට තිබෙනවා.

මෑත කාලීන දත්ත නිරීක්ෂණයෙන් ,ජාතික විදුලි අවශ්‍යතාවය පිරවීම සිදුවන්නේ 58% තාප විදුලි බලාගාර වලින්ද පුනර්ජනනීය බලාගාර වලින් 41 % ද වන බව හඳුනාගත හැක.වියලි කාළගුණ තත්වය ඉදිරියටත් මෙසේම පැවතිය හොත් ජල විදුලි ජනනය තව තවත් පහල යනු ඇති අතර එම අඩුව තාප විදුලි බලාගාර වලින් ජනනය කිරීමට සිදුවේ.

නමුත් ගල් අඟුරු තත්ත්වයෙන් බාල නිසා එයින් සිදුවන විදුලි ජනන අඩුපාඩුව පිරවීමට සිදුවන්නේද තෙල්/ඩීසල් තාප විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීමෙන්‍ පමණි.ඒ සඳහා තෙල්/ඩීසල් අමතරව සපයාගැනීම හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදය නිසා අභියෝගයට ලක් වී ඇත.

එනම් ජල විදුලි ජනනයේ සිදුවන අඩුවීමත් ගල් අඟුරු තාප විදුලි ජනනයේ අඩුවීමත් යන දෙකම පිරවීමට තෙල්/ඩීසල් තාප බලාගාර වලට සිදුවන ඇත.එනම් ජාතික විදුලි අවශ්‍යතාවය සපුරාලීමට වැඩි වශයෙන් දැවිතෙල්,නැප්තා හා ඩීසල් දහනය කිරීමට තෙල්/ඩීසල් තාප බලාගාර වලට සිදුවනු ඇති.

හුදෙක් අප රටට තෙල් සපයාගැනීමේ හැකියාව මතම අපිට විදුලි කප්පාදුවක් ඇති වේවිද නැද්ද යන්න තීරණය වේවි.

ඔබත් අපිත් විදුලිය මූලිකම අවශ්‍යතාවය කරගෙන ඉන්න මේ මොහොතේ මේ අර්බුදය කලින්ම හඳුනාගැනීම ඉතාම වැදගත්.මෙම අර්බුදය සුලි සුලඟක් නම් අවපීඩන තත්වය නිර්මාණය වී අවසන් බව අප තේරුම් ගත යුතු අතර සුලි සුලඟේ ප්‍රබලතාව මනාව හඳුනාගත යුතු වේ.මොකද තරම අවතක්සේරු කොට සුලිසුළඟෙන් බේරීමට කුඩයක් ඉහලන් ඉඳීමෙන් පලක් නැති නිසාමයි.කොපමණ කාලයක් මේ අර්බුදයට ඔබට අපට මුහුණ දීමට සිදුවේවිද යන්නත් උත්තර සොයාගත යුතුම ප්‍රශ්නවලින් එකකි.

මෙම බලශක්ති අර්බුදයට මුහුණ දීමට අපි BrightLanka Solar සූදානම්.සෑම නිවසකටම සූර්ය බලශක්තිය ගෙන ඒම අරමුණ කරගෙන සිටින අපි මෙම අර්බුදයට මුහුණ දීමට ඔබේ විදුලි අවශ්‍යතාව මෙන්ම ඔබේ ආර්ථික හැකියාවටද ගැලපෙන ලෙස BrightGuard, BrightStep සහ BrightZero යනුවෙන් Solar Solution පැකේජයන් නිර්මාණය කර ඇති අතර ඔබටත් මෙම බලශක්ති අර්බුදයට හරිම Solar Solution පැකේජය සොයාගන්න අපගේ BrightLanka Solar ආයතනයේ Solar Energy Consultant කෙනෙක්ව අමතන්න.

BrightLanka Solar කණ්ඩායම විසින් මීලඟ ලිපියෙන් ඉදිරියේදී විදුලි බිලට කුමක් වේවිද? යන්න විද්‍යාත්මකව ඔබට පහාදා දෙන්න බලාපොරොත්තු වෙනවා.