ශ්‍රී ලංකා විදුලි පාරිභෝගිකයාට (Solar Power) කෙරෙන පළමු සිහිකැඳවීම.

මෙහිදී ඔබ විදුලි පාරිභෝගිකයෙන් වශයෙන් ඔබට ඇත්තේ විදුලි පාරිභෝගිකයෙක් වෙනවාද විදුලි නිෂ්පාදකයෙක් වෙනවද කියන සරල ප්‍රශ්නයයි.ඔබට අවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණයෙන් එක් ඒකකයක් වුවද නිෂ්පාදනය කරගන්නට ඔබට හැකිනම් එය ඔබට ඉදිරි අවුරුදු 10 ට කරන ලබන හොඳම ආයෝජන වලින් එකකි.Invest in Solar Power.

BrightLanka Solar Team

10/10/20261 min read

ශ්‍රී ලංකා විදුලි පාරිභෝගිකයාට කෙරෙන පළමු සිහිකැඳවීම.

ඇරියෙස් තියෙන වාහානයක් විකුණන්න යද්දි විකුණුම්කරුවන් විසින් කරන පළමු දේ නම් ලීසිං වාරික නැවත ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමයි.

ලංකා විදුලිබල මණ්ඩලයත් ප්‍රතිව්‍යුහගතකරණය කරලා සමාගම් 5 කට බෙදා වෙන්කර ඇති අතර මෙය IMF ගිවිසුමෙහි ඇති කොන්දේසියක් වන පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම නම් වූ වගන්තිය සපුරාලීමකි.

මෙහිදී කිසිවෙක් පාඩු ලබන ආයතනයක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවන නිසා පාඩුව අවම කිරීම රජයේ උත්සහයයි.

බලශක්ති ඇමැති සොලා පාරිභෝගිකයන් අධික ලෙස ලාභ ලබනවා යැයි මාධ්‍යය ඔස්සේ ප්‍රකාශ කරන්නේ ඒ නිසා විය හැකියි.

තවද සෝලා පාරිභෝගිකයන් වැඩි වීම යනු ප්‍රතිව්‍යුහගත කෙරුණු සමාගම් වලට විදුලිය විකිණීමට පාරිභෝගිකයන් අඩුවීමයි.එනම් වැඩි වෙන හැම සෝලා පාරිභෝගිකයෙක්ම අනාගතයේ විදුලිය විකිණීම නිසා ලැබෙන ලාභය අවුරුදු 20 කට අහිමි කරයි.

2009 දී ඒකක 120-180 ත් අතර භාවිතා කරන විදුලි පාරිභෝගිකයන් සඳහා ලං.වි.ම අයකළ මුදල ඒකකයකට රුපියල් 14.36 කි.2026 දී එකක 120-180 ත් අතර භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ගෙන් සමාගම් විසින් අයකරන මුදල රුපියල් 36 කි.එනම් 207% ක වැඩිවීමක්.උදාහරණයක් ලෙස 2009 දී රුපියල් 5000 ක විදුලි බිලක් ඇති පාරිභෝගිකයා 2026 දී රුපියල් 10,000 ක් ගෙවිය යුතුයි.

ඉදිරි වසර 10 තුල මෙම අගය කීයකින් වැඩිවේවිද? පාඩු ලබමින් පාරිභෝගිකයන්ට විදුලිය සැපයීමට දැන් ලං.වි.ම ද අප සතුව නැත.එනම් දේශපාලනික,ආර්ථික,දේශගුණික පරිසර වෙනස් වීම් වලදී විදුලි ඒකකයට ගෙවන ගණන වැඩිවීම අනිවාර්යයෙන්ම වැඩි වේවි.

BrightLanka Solar විශ්ලේෂක කණ්ඩායමට අනුව මෙම විදුලි එකකයක අගය අවම 400% පමණ වැඩි වේ යැයි පුරෝකතනය කල ඇත.

මෙහිදී ඔබ විදුලි පාරිභෝගිකයෙන් වශයෙන් ඔබට ඇත්තේ විදුලි පාරිභෝගිකයෙක් වෙනවාද විදුලි නිෂ්පාදකයෙක් වෙනවද කියන සරල ප්‍රශ්නයයි.ඔබට අවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණයෙන් එක් ඒකකයක් වුවද නිෂ්පාදනය කරගන්නට ඔබට හැකිනම් එය ඔබට ඉදිරි අවුරුදු 10 ට කරන ලබන හොඳම ආයෝජන වලින් එකකි.

ඔබ විදුලි නිෂ්පාදකයෙක් වෙනවාද සමාගමක විදුලි පාරිභෝගිකයෙක් වෙනවාද යන්න හැකි ඉක්මනින් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්නයකි.

BrightLanka Solar Team


Contact

Reach us anytime for expert solar advice

Email

Addresses

info@brightlankasolar.lk

+94 11 84 85 25

© 2025. All rights reserved.

+94 77 867 869 7

Solar consulation

Engineer Support

+94 77 84 84 332

Phone

455,Ramya road ,Battarmulla.

35,Reality plaza ,Ja-ela.

MAINTENANCE & Services teams

BATTARAMULLA, KANDY, KURUNEGALA, GALLE, KALUTHRA